ඇගේ වගකීම නිසා ලොකු අම්මා ඒ දේ කරන්න ඇති.. ඒත් අවසානයේ..? 19 හැවිරිදි පෙම්වතියගේ හිත වෙනස් කළ ලොකු අම්මාට 21 හැවිරිදි පෙම්වතාගෙන් අමතක නොවෙන පාඩමක්..

මේ කියන්න යන්නේ බුලත්කොහුපිටිය ප්‍රදේශයෙන් අසන්න දකින්න් ලැබෙන තවත් අභාග්‍ය සම්පන්න කතාවක් ගැනයි.. දරුවෙකු නිසි මග යවන එක වැඩිහිටියෙකුගේ වගකීමක්.. 

ඒත් ඇයට ඒ නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙලා.. මේ ඒ ගැන ඇසෙන කතාවයි..

ආදරයත් පළිගැනීමත් අතර ඇත්තේ කෙස් ගහක දුරක් කියලා කියනවනේ... මේ කියන්න හදන්නෙත් අන්න එහෙම කතාවක්... ආදරේ නිසා සිදුවුණු මේ අවාසනාවන්ත සිදුවීම ආරංචි වෙන්නේ කෑගල්ල බුලත්කොහුපිටිය ප්‍රදේශයෙන්...

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින 19 හැවිරිදි පාසල් ශිෂ්‍යයාවක් මුහුණු පොත හරහා හඳුනාගත් තරුණයෙකු සමඟ සබඳතාවක් පටන් ගෙන තිබෙනනවා... ඔහු බුලත්කොහුපිටිය , තියඹරාහේන ග්‍රාමයේ පදිංචිව සිටින 21 හැවිරිදි තරුණයෙක්..

එම පාසල් ශිෂ්‍යාවගේ පියා නොමැති අතර මව විදේශගතවයි සිට ඇත්තේ...

දෙමාපියන් ඇගේ ළඟ නොමැති නිසා ඇය සිය ලොකු අම්මාගේ නිවස පිහිටි බත්ගම කුමාරපුර කන්දේ පදිංචිව සිටින බව සඳහන්... පාසල් ශිෂ්‍යයාවගේ මේ පෙම් කතාවට කණකොකා හඬවන්නේ ලොකු අම්මා විසින්... මේ ප්‍රේම සම්බන්ධතාව දැනගන්නා ලොකු අම්මා මැදිහත්වීම මත ඇය සිය ප්‍රේම සම්බන්ධතාව නතර කර දමනවා... ඉන් කුපිත වූ මේ තරුණයා පසුගිය 18 වැනිදා ත්‍රීරෝද රථයකින් තනිවම තරුණියගේ නිවසට ගොස් තිබෙනවා..

එම අවස්ථාවේ ඔහු නිවසේ තිබුණු පිහියක් ගෙන කාමරයේ සිටි පාසල් ශිෂ්‍යයාවට පහර දී තරුණියට තුවාල සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළා..

පසුව ලොකු අම්මා හා තරුණිය එක්ව තරුණයාට පහර දීමට තැත් කර තිබෙනවා..

එම අවස්ථාවේදී අදාළ තරුණයා නිවසේ තිබුණු කිතුල් පොල්ලක් ගෙන ලොකු අම්මාගේ හිසට පහර දී බරපතල තුවාල සිදුකර, එම පොල්ලත් රැගෙන පළාගොස් තිබෙනවා.සැකකරු නැවත ඔහුගේ නිවස බලා ගමන් කරමින් සිටින අවස්ථාවේ දී කිතුල් පොල්ල අතරමග දී කැලෑවකට විසි කර දමා ඇති බවයි පොලිසිය සඳහන් කළේ..

පහරදීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව අරණායක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා කෑගල්ල මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.. තරුණියටත් සුළු තුවාල සිදුවෙලා...

අසාධ්‍ය තත්ත්වයේ පසුවන ඇය මේ වනවිට කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවනවා..

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර තරුණයා අරණායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා..

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by