සිද්ධියට අදාල තුවා ඇතුළු ඇඳුම් රස පරීක්ෂකවරයා වෙතට.. නොසිතූ තැනකදී ඔහුට වුණ දේ ඇහුවොත් සත්තයි ඔබ පුදුම වේවි.. බම්බලපිටියේ .......... සේවාව ලබාගන්න ගිය වෛද්‍යවරයාට අත්වූ ඉරණම මෙන්න

මේ කියන්න යන්නේ වෛද්‍යවරයෙකුට අත් වූ නොසිතූ ඉරණමක් ගැන කතාවක්... මේ කතාව  ඇසෙන්නේ බම්බලපිටිය ප්‍රදේශයෙන්..

බම්බලපිටිය ප්‍රදේශයේ සම්බාහන ආයතනයක සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණි වෛද්‍යවරයෙකු බියගන්වා ඔහු සතුව තිබූ රුපියල් දස ලක්ෂයකට අධික මුදලක් මාර්ගගත ක්‍රමය ඔස්සේ බැංකු ගිණුමකට බැර කරවා ගත් බව කියන සිද්ධියක් වාර්තා වෙනවා..

ඊට අදාළව රක්ෂිත බන්ධනාගාර කර සිටින සැකකරුවන් හතරදෙනා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට නියෝග කළා...

ඒ ඊට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා ඉදිරියේ ඊයේ කැදවූ අවස්ථාවේදීයි..

සිද්ධිය වු ස්ථානයේ තිබී සොයාගන්නා ලද සැකකරුවන්ගේ රෝම කූප සම්බන්ධයෙන් සහ ඔවුන් පරිහරණය කළ තුවා ඇතුළු ඇඳුම් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීම සඳහා ඔවුන් දෙනා හෙට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසයි දැනුම් දී ඇත්තේ..

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ මස 25 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද මහේත්‍රාත්වරයා නියෝග කළා..

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by