"මං අහන්නෙ ඇයි... අපි මොනවද කළේ... මම ඒ තරම් නරක කෙනෙක්ද?" - හිස් බිමක් වුණු මංගල උත්සවය ගැන මනාලියකගෙන් සංවේදී කතාවක්!

මේ කතාව ඇහෙන්නෙ, එක්සත් ජනපදයෙන්.

මනාලිය, කලීනා මාරි... (Kalina Marie) සහකරු ෂේන්...

ඔහුන් සිය ආදරණීයන්ගෙන් පිරුණු විවාහ මංගල උත්සවයට 75 දෙනෙකුට එහා පිරිසකට ඩිජිටල් ඇරයුම්පත් ද, තවත් 25 කට ආරාධනා පත්ද යවලා.

නමුත් අවසානයේ එදිනට පැමිණ තිබුණේ පස් දෙනෙක් විතරයි.

''මම 75 දෙනෙකුට වැඩි පිරිසකට ඩිජිටල් ලෙස ආරාධනා කළා... ඒ විතරක් නෙවෙයි, තවත් ලස්සන ආරාධනා පත්‍ර 25 ක් යැවීමට මුදල් වියදම් කළා. නමුත්, අන්තිමට දැක්කෙ පස්දෙනෙක් පමණි.ආරාධනයේ තිබුණේ ප.ව. 1.00 කියලා. මගේ අම්මා මට දහවල් 1.15ට ​​මැසේජ් කළා කවුරුත් නෑ කියලා.මගේ සැමියා සහ මම අවසානයේදී, 40 දෙනෙකුට සැලසුම් කර ඇති ස්ථානයක පස්දෙනෙකු ඉදිරියේ දහවල් 2 ට පෙනී සිටි‍යා...''

කලීනා - ෂේන් වසර නවයක් තිස්සේ එකට ජීවත් වෙමින්, පුතෙක්ට දෙමාපියන් වුණු යුවළක්.

එහෙම ජීවත් වුණු ඔවුන්, ජනවාරි මාසයේදී යි සිය විවාහ දිනය ගැන ප්‍රකාශ කරලා තියෙන්නෙ.

මේ ගැන ඇය සිය සමාජ මාධ්‍යයේ සටහන් තබා තිබුණෙ මේ විදියට...

"මං අහන්නෙ ඇයි ? අපි මොනවද කළේ ? මම ඒ තරම් නරක කෙනෙක්ද ? මගේ සැමියා මොනව කළාටද ?ඇයි අපි වෙනුවෙන් පෙනී ඉන්න එක, මිනිසුන්ට වැදගත් නොවුණෙ..... සියල්ල හමුවේ කළකිරුණු කලීනා කාගෙනුත් එයාකාරයෙන් ප්‍රශ්න කරලා තිබුණා.මට සුබ පතන්නවත් ආවේ නැත්තේ ඇයි කියලා මට මැසේජ් එකක්වත් නොදාපු 'මිතුරන්' තාමත් මට ඉන්නවා.මම හීන මැව්වේ අපිව පිළිගන්න හඬ නඟන මිනිස්සු රොත්තක් අතරට එදාට අපි යනවා කියලා.මේ හැඟීම් මාව දුර්වල කරනවා.....''

කලීනා TikTok සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ බෙදාගත් ඇගේ මේ කතාව, මිලියන 6.6 කට වඩා වැඩි නැරඹුම් වාර හිමිකරගෙන.

ඊට ප්‍රතිචාර දක්වන්නන් ඇයට කියලා තිබුණෙ, යළි විවාහ උත්සවය සංවිධානය කරන ලෙසත් ඔවුන් ඊට සහභාගී වන බවත්.

ඒ විතරක් නෙවෙයි තවත් පිරිසක් ඇගෙන් ඉල්ලීමක් කරලා, මංගල තෑගි එවන්න ලිපිනය එවන හැටියට....

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by