උත්තරීතර ප්‍රේමයට නිගා කළ ඔහු, සුරූපී ඇයගේ ජීවිතයට කළ අපරාධය ගැන ඇසෙන ඇඟ කිලිපොළා යන කතාව මෙන්න..

ඇය හරි සුරූපී තරුණියක්.. මේ කියන්න යන්නේ ඇගේ ජීවිතයට ඔහු කළ අහස පොළොව නුහුලන අපරාධයක් ගැන කතාවක්..

මේ කතාව ඇසෙන්නේ ඉන්දියාවෙන්.. 

ඉන්දියාවේ බැංගලෝර් නුවර පිහිටි හෝටලයකදී පෙම්වතා විසින් සිය පෙම්වතියට තියුණු ආයුධයකින් පහර දී පසුගිය 23 වැනිදා ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා...

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ, ඇසෑම් ප්‍රාන්තයේ පදිංචි 19 හැවිරිදි තරුණියක්...

ඇය සිය පෙම්වතා සමග 23 වැනිදා එම හෝටලයට පැමිණ ඇති අතර, දින තුනකට පමණ පසුව ඔහු පමණක් හෝටලයෙන් පිටව ගොස් ඇති බවට සීසීටීවී දර්ශන වල දැක්වෙන බව එරට පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා...

හෝටල් කාමරයකින් දුර්ගන්ධයක් එන බවට පොලිසියට ලැබුණු ඇමතුමකට අනුවයි පොලිසිය විසින් මළ සිරුර සොයාගෙන ඇත්තේ...

ඔවුන් හෝටලයට පැමිණ දින තුනකට පසුවයි පොලිසිය විසින් මෙසේ ඇයගේ මළ සිරුර සොයාගෙන තිබෙන්නේ...

පසුගිය සඳුදා දින ඇයව ඝාතනය කර අඟහරුවාදා ඔහු හෝටලයෙන් පිටවීමට පෙර දිනක් එම මළ සිරුර සමග එකම කාමරයේ සිට ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ..

සැකකරු කේරළ ප්‍රදේශයේ අයකු බවත්, ඔහු මහල් නිවාසයෙන් පිටව ගිය පසු දුරකථනය ක්‍රියා විරහිත කර ඇති බවත්, පොලිසිය වැඩිදුරටත් පවසනවා..

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by