මැතිවරණ ප්‍රචාරය සඳහා දායක වුණු අරුම පුදුම ප්‍රචාරකයෝ...

මැතිවරණ සමය අවසන් උනත් ඒ එක්කලා බැදුණු රසකතා බොහෝමයි.. මේ කියන්න හදන්නෙත් අන්න එහෙම කතාවක් ...

මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් සඳහා යොදා ගන්නා අත්පත්‍රිකා සහ ප්‍රචාරක දැන්වීම් තොගයක් රිළවුන් රැගෙන යාම නිසා තමා සහාය දක්වන පක්ෂය සම්බන්ධයෙන් ගම පුරා ප්‍රචාරය වූ පුවතක් මහනුවර නුදුරු ප්‍රදේශයකින් පසුගියදා වාර්තා වුණා...

අපි මේ පුද්ගලයාව සෝමපාල ලෙස හදුන්වමු.

සෝමපාල රහසින් එක්තරා පක්ෂයකට සහ අපේක්ෂකයකු වෙනුවෙන් වෙහෙස වී කටයුතු කළා.

මෙවර පැවත්වෙන මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයකුගේ ප්‍රචාරක කටයුතු සඳහා අත්පත්‍රිකා සහ ප්‍රචාරක දැන්වීම් තොගයක් පසුගිය දා තම නිවසට රැගෙන පැමිණියේ සති අන්ත දිනෙක ඈත ප්‍රදේශයක සංවිධානය කළ ප්‍රචාරක වැඩසටහනක් සඳහා යොදා ගැනීමට සිතාගෙනයි..

ඔහු වැඩි පරිස්සමට අත්පත්‍රිකා තොගය ඔහුගේ ගෙදර මුළුතැන්ගෙය තුළ තැබුවා... සෝමපාලට අමතක වීමකින් එදින නිවසට රැගෙන ආපු ආහාර කීපයකුත් ඒ කවරයේම දමා තිබුණා...

පසුදින හදිසි අවශ්‍යතාවයක් සඳහා ගෙදරින් බැහැරව යාමට සෝමපාලටත් නිවැසියන්ටත් සිදුවුණා.. මේ අවස්ථාවේදී ප්‍රදේශය පුරා සැරි සරන රිළවුන් රංචුවක් ගෙදරට ඇවිත් නිවසෙහි තිබුණු අත්පත්‍රිකා සහ ප්‍රචාරක දැන්වීම් තොගය සහිත ආහාර මල්ලද රැගෙන ගොස් තිබුණා...

ගෙදරට පැමිණි සෝමපාල ප්‍රචාරක කටයුතු සඳහා අවශ්‍ය අත්පත්‍රිකා සහ ප්‍රචාරක දැන්වීම් තොගය සොයන්නට වූණා... මොනතරම් හෙව්වා වුණත් තිබූ තැන නොතිබූ බැවින් බිරිඳ ඇතුළු දරුවන්ගෙන් ද විමසුවා... කවුරුවත් එම බෑගය දැක තිබුණේ නැහැ...

ඒවා ගෙදර ‍නොතිබූ බැවින් අවට සොයා බලන විට දැක ගන්නට ලැබී ඇත්තේ ඒවා රිළවුන් විසින් රැගෙන ගොස්තැනින් තැන විසුරුවා ගොස් ඇති ආකාරයයි...

කොහොමින් කොහොමහරි සෝමපාල මෙතෙක් කල් රහසින් තමා කටයුතු කළ දේශපාලන පක්ෂය හා ආධාරකරුවා පිළිබඳව ගම්මානය සියලු‍ දෙනා දැනගෙන ඇති බව දුටුවා...

හැබැයි මේ දැන්වීම් අත් පත්‍රිකා තමන් ගෙන ආපු බව ගම්මානයේ කවුරුත් නොදන්නා බව දැන ගත් සෝමපාල සතුටින් ඉහවහා ගියා... රිළව් රංචුව මහමැතිවරණයේ ප්‍රචාරය සඳහා සහය දක්වලා තිබුණේ ඔන්න ඔහොමයි...

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by