"ඔබ ඉල්ලූ වෙනස මෙය නොවේද? බිරිඳගේ දිවුරුම් දීම රෝහලේ සිට නැරඹූ වෛද්‍ය සැමියා...

ජාතික ජන බලවේග රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නා.

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා ද ඇතුළුව විසි දෙදෙනෙකුගෙන් සමන්විතයි.

ඒ අතර සරෝජා සවිත්‍රි පොල්රාජ් මහත්මිය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය ලෙස දියුරුම් දුන්නා.

කෙසේ වෙතත් ඇය දිවිරුම් දෙන අවස්ථාවේ ඇගේ සැමියා වන විශේෂඥ වෛද්‍ය අසිත අමරකෝන් මහතා එය රෝහලේ සිට නැරඹීමට කටයුතු කර තිබෙනවා.

ඊට අදාළ ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වන්නේ මෙලෙසින්...

"පලමු පින්තූරයෙ තියෙන්නෙ ලංකාවේ ඉතිහාසයේ හදපු බලවත්ම ආණ්ඩුවෙ අමාත්‍ය මණ්ඩලය ...
දෙවන පින්තූරයෙ ඉන්නෙ ඔපරේෂන් තියටර් එකක් ඇතුලෙ වෛද්‍යවරු ටිකක් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙන එක බලන එකක්...
එක පාරටම දෙක අතරෙ සම්බන්ධයක් නොපෙනුනත්...මේකෙ ලොකු කතාවක් තියෙනවා....
මුල් පින්තූරෙ කැබිනට් එකේ අග්‍රාමාත්‍යතුමිය ඇරුනම ඉන්න එකම ඇමතිවරියගේ සැමියා තමයි ඔය දෙවන පින්තූරේ පිටිපස්සෙන්ම ඉන්නේ...
වෙනදා ඇමතිවරියක් දිවුරුම් දෙද්දි මහත්තයා මෙහෙම ඉදීවිද...?
වෙනදා ඇමතිවරු දිවුරුම් දෙද්දි ඇමති නෝනලා මෙහෙම ඉදීවිද...?
මේක තමයි ඔවුන්ගේ වෙනස...
මේක තමයි බහුතරයක් මිනිස්සු ඉල්ලන වෙනස...
ඒකයි අපට හිතෙන්නෙ මේ ලංකාවෙ කතාව අලුතෙන් ලියන මිනිස්සු ටික කියලා....
අපි විශ්වාස කරනවා ඔවුන් මේ රට හදයි කියලා...
අපි හිතනවා ඔවුන් ඒ විශ්වාසය රකීවි කියලා..."

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by