පිරිමි නමකින් සේව් කරපු නම්‍බර් එක නංගිගේ කියලා දැනගත්තාම ඇයට මොනවා හිතෙන්න ඇතිද..? අක්කාගේ සැමියා එක්ක නංගි හාද වෙලා කරපු අරුම පුදුම වැඩේ අක්කාට මාට්ටු වෙයි

දෙන්නෙක් ආදරය කරලා කසාද බඳින්නේ හිතේ ගොඩක් බලාපොරොත්තු ඇතුවයි..

ඒ විත‍රක් නෙවෙයි, ගොඩක් දෙනෙක් තමන් විවාහ වෙන්න කලින් අනාගතය ගැන ගොඩක් සැලසුම් කරනවා... 

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ එකට හිටිය කුරුළු කූඩුවකට අත්වුණ අවාසනාවන්ත ඉරණමක් ගැන කතාවක්.. තමන්ගේ පවුල දෙදරා යන්න ඇගේම සහෝදරිය හේතුව වේවි කියලා ඇය කවදාවත් හිතන්නේ නැතුව ඇති.. තම බිරියට හොරෙන් නෑනාට ජංගම දුරකතනයේ වට්ඇප් හරහා කෙටි පණිවිඩ යැවු සැමියකුගේ පවුල් ජීවිතය අනුනවයෙන් බේරුණු පුවතක් බලන්ගොඩ ග්‍රාමීය ප්‍රදේශයකින් අරංචි වෙනවා..

ඒ සිද්ධිය සිදුවී තිබුණේ මෙන්න මෙහෙමයි.. ⁣සැමියා විසින් බිරිඳගේ නැඟණියගේ දුරකතන අංකය තමන්ගේ දුරකතනයේ පිරිමි පුද්ගලයෙකුගේ නමකින් සේව් කරගෙන තිබුණාලු.. මොහු නිතරම රාත්‍රි කාලයේ නිදාගෙන සිටින අතරතුර බිරියගේ නංගි සමග ජංගම දුරකතනයෙන් වට්ඇප් හරහා කෙටි පණිවිඩ හුවමාරු කර ගැනීම පුරුද්දක් කරගෙන..

මැදි වයසේ විවාහක යුවළක් වූ මොවුන් බලන්ගොඩ නගරයට තරමක් දුර ගමක වාසය කර ඇති අතර, බිරිඳගේ නැඟණිය අවිවාහක තරුණියක්..

කොහොම වුණත් බිරිඳ හිටියේ ඔහු ගැන විමසිල්ලෙන්.. මීට දින කිහිපයකට පෙර මොහුට නින්ද ගිය අතරතුර ද ⁣එම දුරකතනයට වට්ඇප් හරහා කෙටි පණිවිඩ කිහිපයක් ඇවිත් තිබෙන අතර බිරිඳ හොර රහසේම දුරකතනය පරීක්ෂා කර බලා කෙටි පණිවිඩ ලැබෙන නම පිරිමි පුද්ගලයෙකුගේ වුවද කාන්තාවක විසින් එම පණිවිඩ එවන බවට බිරිඳට වැටහි තිබුණා.. එම දුරකතන අංකය පරීක්ෂා කර බිරිඳ එම දුරකතන අංකයට තමන්ගේ දුරකතනයෙන් ඇමතුමක් ලබා ගැනීමට උත්සාහ කර ඇති අතර, එහිදී බිරිඳගේ දුරකතනයේ එම නොම්මරේම තමන්ගේ නංගිගේ නම පෙන්නුම් කර තිබෙන අතර එහිදී බිරිඳට කාලයක් තිස්සේ සැමියා කර තිබෙන කපටි වැඩේ වැටහි ගිහින් තිබුණා..

පසුදා පාන්දරම අවදි වූ බිරිඳ සැමියාගෙන් විමසීමක් කර තිබෙන්නේ මගේ නංගිගේ නම වෙනස් කර තිබෙනවාද යනුවෙන්... ‘ඇයි එක පාරටම එහෙම අහන්නේ’ යැයි සැමියා විමසු විට බිරිඳ පවසා තිබෙන්නේ ‘මේ නංගිගේ නොම්මරය පිරිමි අයකුගේ නමකින් සේව් කරල තියෙන්නේ ඇයි’ කියායි.. වැඩේ මාට්ටු වෙලා තමයි යනුවෙන් සිතු සැමියා නිශ්ශබ්දව බලාගත්තු අත බලාගෙන කල්පනා කරමින් සිටිනු දැක ඇති අතර, "මෙච්චර කල් කරපු හොර වැඩ අහුවුණා. තමුසෙට මම හොඳ වැඩක් කරන්නම් කියා ඔහුගේ දුරකතනයත් රැගෙන ඇගේ මවුපියන් සමග නංගි ජීවත්වෙන කිලෝමීටර් කිහිපයක් දුරින් ඇති නිවසට ගොස් අක්කටයි, නංගිටයි එක මිනිහෙක්ද ඕනි. මේ ලඳරම කරල තියන දේ.." යනුවෙන් සියල්ල මව්පියන්ට පවසා දුරකතනය ඔවුන්ට ද පෙන්වා තිබෙනවා...

මම ඌත් එක්ක ගිහින් අවුරුදු තුනක් හිටියා. දැන් ඉතුරු ටික උඹ ගිහින් හිටපන්, යනුවෙන් ඇය යක්ෂණියක් ආවේශවෙලා වගේ නංගීට කියා තිබුණා..
පසුව පැය කිහිපයකට පසු සැමියා ද එම නිවසට පැමිණ තිබෙන අතර පසුව බිරිඳගේ නංගී සිය අක්කාට වැඳ සමාවගෙන තිබුණේ ඇයට වෙන කරන්නට දෙයක් නොතිබුණ නිසායි..