කිසිදු රාජකාරියක් නොකර ලක්ෂ ගනනින් පඩි ලබා ගත් රජයේ සේවකයෙක් ගැන පුදුම පුවතක් මහනුවර ජාතික රෝහලෙන් ආරංචි වෙනවා...
සාමාන්‍යයෙන් වැඩකරන අයටනේ වැටුපක් ලැබෙන්නේ... ඒත් මේ කතාව ටිකක් වෙනස් එකක්..
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු රියැදුරෙකු ඉකුත් වසර පහමාරක කාලයක් තුලදි කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුණද එම කාලයට අදාළ වැටුප් ලෙස රුපියල් විසිහත් ලක්ෂ තිස් දෙදහස් නමසිය හතලිස් හතරක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක සඳහන් වුණා..
මෙම කාලය තුල රෝහල් බලධාරින් විසින් මෙමෙ රියදුරුහට කිසිදු රාජකාරියක් පවරා නොතිබූ බවටද විගණන වාර්තාවේ තවදුරටත් සඳහන් වුණා.
මේ සම්බන්ධයෙන් පූර්ණ ස්වධීන විමර්ශණයක් සිදුකර වගකිවයුතු පාර්ශවයන් සම්බන්දයෙන් ක්‍රියාමාර්ග ගත යුතු බවට විගණනය මගින් දන්වා ඇති බවටයි වාර්තා වෙන්නේ...
මේ පිළිබඳ සෞබ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ විගණන නිරීක්ෂණ සමග එකඟවනවා කියලලු...
මෙම රියදුරු විසින් ලබාගෙන ඇති වැටුප් රහිත නිවාඩු ගණනය කොට දින 57ක් සඳහා රුපියල් අනූදහස් තුන්සිය අසූවක මුදලක් හා 2023 වර්ෂයේ මාස තුනක වැටුපෙන් අයකරගෙන ඇති බවත් 2023 දෙසැම්බර් හා 2024 ජනවාරි මස වැටුපෙන් වැටුප් රහිත නිවාඩු දින 47ක් සඳහා රුපියල් හත්තෑපන්දහස් අටසිය එකොළහක මුදලක් අයකරගෙන ඇති බව ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත....
කොහොම වුණත් මොකක් නමුත් බරපතළ වරදක් සිදුවෙලා තියෙනවා කියලා තමයි කියන්න වෙන්නේ... රජයේ මුදල් මේ විදියට ගෙව්වේ කොහොමද කියලා හොයලා බලලා වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබා දුන්නොත් ඉදිරියට මේ වගේ දේවල් වෙන එක වලක්වා ගන්න පුළුවන් වේවී..