කොම්පඤ්ඤ වීදිය අල්ටෙයාර් මහල් නිවාස ගොඩනැගිල්ලේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවා සහ සිසුවිය සිද්ධිය අප කාගේත් හදවත් සසල කළ බව අමුතුවෙන් කිව යුතු නැත.
මියගිය සිසුවා, ජීවොන් සොරෝ සිං ය. ඔහු කොළඹ ප්‍රකට ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දීප්තිමත් සිසුවෙකි.
අල්ටෙයා ගොඩනැගිල්ලෙන් වැටී මරු තුරුලට ගිය ජීවොන් සහ එම සිසුවියට ඇත්තටම සිදුවූයේ කුමක්දැයි යන්න තවමත් අබිරහසකි.
එය ජීවොන්ගේ පවුලේ අයට, ඥාති මිත්‍රාදීන්ට, පාසලේ සහෝදර සිසුන් සහ සිසුවියන්ට, ගුරුවරුන්ට හද කම්පා කරවන සිද්ධියකි.
පසුගිය ජූලි දෙවැනිදා සිදුවුණු එම අවාසනාවන්ත සිද්ධිය, දිවි නසා ගැනීමක් යැයි බොහෝ දෙනා අර්ථ දැක්වූ අතර, ඒ පිළිබදව ජිවොන්ගේ මව පුවත්පතකට මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
"මගේ පුතා ජීවිතයට ආදරේ කළ කෙනෙක්. එයා දිවි නසා ගන්න කෙනෙක් නොවෙයි. ඔහු හැමවිටම අනුන් ගැනමයි හිතුවේ. එයා කාටත් උදවු කරන කනෙක්'' මේ හඬ ජිවොන්ගේ මවගේය.
තම පුතුගේ අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් සාවද්‍ය තොතුරු ප්‍රසිද්ධියට පත් වීම, ජිවොන්ගේ මවගේ වේදනාව තවත් වැඩි කරන්න විය.
පුතුගෙන් තමන්ට ලැබුණු අවසන් වට්ස් ඇප් වීඩියෝ ඇමතුම ගැන පැහැදිලි කළේ කඳුළු පුරවාගෙනය. "අම්මා මම ඉක්මනින් එනවා" ජිවොන්, එම වීඩියෝ ඇමතුමින් අවසන් වරට පවසා ඇත්තේ එපමණය.
එදා ජිවොන් ඒ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්නේ තවත් කෙනෙකුට උපකාර කිරීමට ඉදිරිපත් වූ නිසා යැයි මව සහ පවුලේ සාමාජිකයෝ පැහැදිලි කරති.
ජීවොන් සැමවිටම අන් අයට උපකාර කරන කරුණාවන්ත දරුවෙකි. ඔහුගේ ඒ කරුණා ගුණය ඔහුට විපතක් කරාවි යැයි ඔහු සිහිනෙකින්වත් සිතන්න නැත.
ජිවොන්ගේ පාසල් දිවියේ ඔහුට අමිහිරි අත්දැකීම් තිබුණා. ඔහු අඩන්තේට්ටම්වලට ලක්වුණු අවස්ථා තිබුණා. ඒත් ඒ කිසිම දේකින් ඔහු වැටුණේ නැහැ. ජීවොන් හැමවිටම අනුන් වෙනුවෙන් පෙනී සිටියා. අනුන්ට උපකාර කළා. ඔහු සැමවිටම උදයෝගයෙන් සිටි දරුවෙක් යැයි මව තම පුතු පාසලේ දී මුහුණ දුන් සිදුවීම් ගැන සිහිපත් කරයි.
පාසලේදී අඩන්තේට්ටම්වලට ලක් වුවත්, ජිවොන් සාමාන්‍ය පෙළ විභාගයට සූදානමින් සිටි බව ඔහුගේ මව පෙන්වා දෙයි.
"මගේ පුතා පාසලේදී අඩන්තේට්ටම්වලට ලක් වුණේ මේ වසර මුලදී. ඔහු ඒ බව පාසලේ ගුරුවරුන්ට දැනුම් දුන්නා. මගේ පුතා මුහුණ දුන්න විදියේ අමිහිරි අත්දැකීම්වලට පාසල් සිසුන් බොහෝ දෙනකු මුහුණ දෙනවා. පාසල් ගුරුවරුන් ඒවාට මැදිහත් වී සොයා බැලීම් කළ යුතුයි. හිරිහැරයකට පත් වන දරුවන් වෙනුවෙන් ගුරුවරුන් පෙනී සිටිය යුතුයි" යැයි ද ජිවොන්ගේ මව පවසන්නේ ඇගේ පුතු මුහුණ දුන් අමිහිරි අත්දැකීම් තවත් පුතකුට හෝ දියණිකට මුහුණ දීමට සිදු නොවනු ඇතැයි පවසමිනි.
පාසලේදී අඩන්තේට්ටම්වලට ලක් වූවත්, ජිවොන් සාමාන්‍ය පෙළ විභාගයට සූදානමින් සිටි බව ඔහුගේ මව පෙන්වා දෙයි.
" මගේ පුතා පාසලේදී අඩන්තේට්ටම්වලට ලක් වුණේ මේ වසර මුලදී. ඔහු ඒ බව පාසලේ ගුරුවරුන්ට දැනුම් දුන්නා. මගේ පුතා මුහුණ දුන්න විදියේ අමිහිරි අත්දැකීම්වලට පාසල් සිසුන් බොහෝ දෙනකු මුහුණ දෙනවා. පාසල් ගුරුවරුන් ඒවාට මැදිහත් වී සොයා බැලීම් කළ යුතුයි. හිරිහැරයකට පත් වන දරුවන් වෙනුවෙන් ගුරුවරුන් පෙනී සිටිය යුතුයි" යැයි ද ජිවොන්ගේ මව පවසන්නේ ඇගේ පුතු මුහුණ දුන් අමිහිරි අත්දැකීම් තවත් පුතකුට හෝ දියණිකට මුහුණ දීමට සිදු නොවනු ඇතැයි පවසමිනි.
" ජීවොන් කිසිම පීඩනයක් නැතිව නිදහසේ අධ්‍යාපනය ලබමින් හැදී වැඩුණු දරුවෙක්. ඔහු සැමවිටම ජීවිතේට ආදරේ කළා. ජීවත් වෙන්න ආදරේ කළා " යැයි ජිවොන්ගේ මව සහ සොහොයුරිය අදහස් දක්වමින් පෙන්වා දෙයි.
" මගේ පුතා බුද්ධිමත්. එයාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. එයාගේ හිනාවට ලොවක් දිනන්න පුළුවන්. මම කවදාවත් මගේ පුතාට ඉගෙන ගන්න බල කරලා නැහැ. එයා පාසලේ දක්ෂ සිසුවෙක්. ඒ වගේමයි සමාජය ගැනත් එයාට හොඳ අවබෝධයක් තිබුණා."
උපුටා ගැනීම -ඩේලි මිරර් පුවත්පත