පරණම රස්සාව කරමින් හිටපු වියට්නාම ළඳුන් පිරිසක් කොළඹින් අල්ලලා!

තම සේවාදායකයන්ගෙන් රුපියල් 35,000 සිට 50,000 දක්වා මුදලක් අයකරමින් කොළඹ නගරයේ ඉහළ පෙළේ ගණිකා නිවාස දෙකක් පවත්වාගෙන ගිය වියට්නාම කාන්තාවන් පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් දීර්ඝ විමර්ශනයකින් අනතුරුව බම්බලපිටියේ මහල් නිවාසයක් සහ වෝඩ් පෙදෙසේ නිවසක් වටළා කාන්තාවන් හත්දෙනකු ඇතුළු වියට්නාම ජාතිකයන් 9 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉතා රහසිගතව පවත්වාගෙන යනු ලබන ගණිකා නිවාසයක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැනගැනීමට ලැබී අතර, බම්බලපිටිය ප්‍රදේශයේ එම ස්ථානයට ප්‍රවේශවීම සඳහා කූට උපක්‍රමයක් යොදාගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ජනමාධ්‍ය වෙත පවසා ඇත.

ගණිකා නිවාසයේ පිරිමි ක්‍රියාකාරිකයකු විසින් එහි පැමිණෙන අමුත්තන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා සේවාදායකයාගේ ඡායාරූප මාර්ගගත ක්‍රම හරහා එවන ලෙස පවා ඉල්ලා ඇති බව වාර්තා වේ.

මෙම සියලුම විදේශිකයන් පසුගිය සැප්තැම්බර් මාසයේදී දින 30ක සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත්, ඔවුන් මෙරට රැඳී සිටිමින් නීතිවිරෝධී ව්‍යාපාර පවත්වාගෙන යෑමට වීසා කාලය මාස තුනකින් දීර්ඝ කරගෙන ඇති බවත් වාර්තා වේ.

ගණිකා නිවාසවල ප්‍රධානියා වන තවත් වියට්නාම ජාතිකයකු ඩුබායි සිට ක්‍රියාත්මකව සිට ඇති අතර, අත්අඩංගුවට ගත් විදේශිකයන් පිරිස ඩුබායි සිට පැමිණ ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් විදේශිකයන් වැඩිදුර පරීක්ෂණ සඳහා වැලිසර දෙපාර්තමේන්තුවේ රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට නියමිතය.

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by