ප්‍රේමය මේ තරම්ම කුරිරුද..? අනියම් පෙමක් ජීවිත දෙකක් බිලි ගනිද්දී එක් අයෙක් රෝහලේ..!

මේ කියන්නේ තවත් එක් කණගාටුදායක පුවතක් ගැන ඇසෙන කතාවක්..

ඇයට මේ වගේ කුරිරු ඉරණමක් අත්කර දෙන්න තරම් ඔහුගේ ආදර කුරිරු වුණේ කොහොමද..? 

තියුණු ආයධයකින් පහර දී තම බිරිඳ ඝාතනය කරමින් නැන්දනියටද බරපතල තුවාල සිදුකළ පුද්ගලයෙක් සියදිවි නසාගෙන තිබෙනවා...

අද දහවල් මෙම සිදුවීම සිදුව ඇත්තේ මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදීයි...

අනියම් බිරිඳ යැයි සැක කෙරෙන මේ කාන්තාව ඝාතනය කළ සැමියා පසුව සිය නැන්දණීයට ද තියුණු ආයුධයකින් පහරදී පසුව ඔහුද සිය නිවසේ කාමරයක් තුළ ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ...

මෙසේ මියගොස් තිබුණේ වන්නන්කුලම්, ලබුනෝරුව ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි කාන්තාවක් සහ 30 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්..

මරණකාරිය හා සැකකරු අතර පැවති අනියම් සම්බන්ධතාවයක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර, මෘත ශරීර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා..

එසේම තුවාලකාරිය අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වෙන්නේ...

මොරගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.. 

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by