සුන්දර සංචාරක පුරවරයක් ලෙස ප්රසිද්ධ ශ්රී ලංකාව ගැන ලෝකයම කතා කරන්නේ නොඅඩුව තිබෙන සුන්දරත්වය නිසා කියලා කියන්න පුළුවන්..
මේ නිසාම අපේ රටට ඇදී එන විදෙස් සංචාරකයින් ගැන දැන් බොහෝ දෙනා කතා කරනවා... මේ කියන්න යන්නේ අන්න ඒ වගේ ශ්රී ලංකා සිදුවුණු තවත් සුවිශේෂී විවාහයක් ගැනයි.. ප්රකෝටිපති යුවළක් තම මංගල උත්සවය ශ්රී ලංකාවේදී උත්සවාකාරයෙන් සමරා තිබුණා...
ඒ යුවළ ඉන්දීය සම්භවයක් ඇති ඩුබායි ජාතික යුවලක් බවටයි වාර්තා වෙන්නේ..
සුන්දර ගමනාන්තයක් වන ශ්රී ලංකාව මෙලෙස ප්රවර්ධනය කරමින් ඉන්දීය සම්භවයක් ඇති ඩුබායි ජාතික යුවලක් ඔවුන්ගේ විවාහ උත්සවය හම්බන්තොටදී පවත්වා තිබෙනවා.. මේ මංගල උත්සවය අමුත්තන් 400කට අධික පිරිසකට ආරාධනා කර තිබුණා...
ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වීමට තෝරාගෙන තිබුණේ හම්බන්තොට ෂැංග්රිලා හෝටලයේදීයි.. මෙරට ආගන්තුක සත්කාරය විශ්මය ජනක වන අතර, ශ්රී ලංකාවේ ස්වභාවික සෞන්දර්යයෙන් පරිපූර්ණ වෙනවා..
ඒ වගේමයි, සෑම දෙයක්ම ලංකාවේ ඇති බැවින් එය පරිපූර්ණ ගමනාන්තයක් බවට පත් වූ බවත් මේ විවාහ උත්සවයට ආව අමුත්තන් බොහෝ දෙනෙක් ප්රසංශා කර අදහස් ප්රකාශ කරලා තිබීමත් කැපී පෙනෙන දෙයක් වුණා..