"හලෝ කොහොමද නංගී..." - මුහුණු පොතෙන් හඳුනාගත් "ටික් ටොක්" පෙම්වතා... ටික් ටොක් කරන කෙල්ලෝ අහුවෙන්නේ බලාගෙනයි!

අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ වයස අවුරුදු 14ක බාල වයස්කාර පාසල් දැරියක් "ටික් ටොක් " සමාජ මාධ්‍ය හරහා හඳුනාගත් රත්නපුර ප්‍රදේශයේ තරුණයකු ලිංගික අතවරයට ලක් කර ඇතැයි පොලීසිය පවසනවා.

නවය වසරේ ඉගනුම ලබන මෙම දැරිය, පාසලට නොපැමිණෙන තරුණයෙකු සමග ගොස් පසු දින පාසලට පැමිණ සිටින බවට, විදුහල්පතිවරයා කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව පොලිසිය කියයි.

"ටික් ටොක් " සමාජ මාධ්‍ය මඟින් හඳුනා ගත් රත්නපුර ප්‍රදේශයේ පදිංචි එම තරුණයා සමඟ දැරිය ඇති කරගත් ප්‍රේම සබඳතාවක් මත දැරිය විසින් සැකකාර පෙම්වතාට ඇයගේ නිරුවත් ඡායාරූප යවා ඇති බව පොලිසිය කියයි.

අනතුරුව එම සැකකාර පෙම්වතා එම ඡායාරූප ෆේස්බුක්' වෙත මුදා හරින බවට දැරියට තර්ජනය කර බිය ගන්වා, කුරුණෑගල ප්‍රදේශයට ගෙන්වා ගෙන මෙම ලිංගික අතරවරයට ලක් කර ඇති බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කරනවා.

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by