වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් සෙබලුන් 500කට ආසන්න පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට කටයුතු කර ඇති බව වන්නි ආරක්ෂක අංශය සදහන් කරයි.
එම උණ රෝගයට ගොදුරු වු තවත් සෙබළුන් පිරිසක් රෝහල්ගත කිරීමට පියවර ගත් බවත් එම කඳවුර තුළ සිටින තවත් සෙබලුන් 500කට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය අංශ උපදෙස් මත කඳවුර තුළම නිරෝධායනය කිරීමට පියවර ගත් බවද වන්නි ආරක්ෂක අංශ සදහන් කරයි.
හදිසියේම පැතිර යන උණ රෝග තත්ත්වය නිශ්චිතව හදුනාගැනීම සදහා පරීක්ෂණාගාර වෙත යොමුකර ඇති බවත් දින හතරක පමණ කාලයක සිට උණ රෝගය පැතිරීම සිදුව ඇති බවට මුලිකව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවද මන්නාරම ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.