ගුවන් ගමනක් කියන්නේ වෙනම අත්දැකීමක්..
සමහර අයට නම් මේක ගොඩක් හුරු පුරුදු වුණත්, තවත් සමහරෙක්ට නම් ඒ අත්දැකීම නුහුරු වෙන්න පුළුවන්...
මේ කියන්න යන්නේ ගුවන්ගත වුණ යානයක ඇතුලේ වුණ පොඩි කලබලකයක් ගැන කතාවක්.. අධික ලෙස බීමත්ව ඇමරිකාව බලා පිටත්ව යන ගුවන් යානයක හදිසි අවස්ථාවේ ක්‍රියාත්මක කළ යුතු දොර විවෘත කිරීමට උත්සාහ කර තිබුණා..
ඔහු කටුනායක ගුවන් තොටුපළ පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවට ඉදිරිපත් කර ඇති අතර, එම අවස්‍ථාවේදී අදාල පුද්ගලයා තමා අතින් සිදුවූ වරද පිළිගෙන තිබෙනවා..
බෙවන් ක්‍රිස්ටි නමැති මෙම බ්‍රිතාන්‍ය ජාතිකයාට මීට අදාලව දඩ මුදලක් නියම කර තිබුණා.. ඒ අනුව රුපියල් 25,000ක දඩ මුදලක් අධිකරණය ඊයේ ඔහුට නියම කරනු ලැබුවා..
2024 නොවැම්බර් මස 29 වැනිදා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමණ නැවත අමෙරිකාව බලා පිටත්ව යන ගුවන් යානයක හදිසි අවස්ථාවේ ක්‍රියාත්මක කළ යුතු දොර විවර කිරීමට උත්සාහ කරන ලදැයි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර, සැකකරු අදාළ ගුවන් යානයේ ආරක්ෂක පටි යොදා ගනිමින් ආරක්ෂාකාරීව මෙරටට ගෙනවිත් කටුනායක පොලිසිය විසින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඊයේ ඉදිරිපත් කර තිබුණා..