සිය කාර්යාලීය සේවිකාවගේ කෙටි පණිවුඩයක් නිසා බිරියගෙන් ගුටි පූජාවක් ලැබීමට සිදු වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ ප්‍රදේශයකින් අසන්නට ලැබුණා...
ඔහු එම කාර්යාලයේ ඉහළ තනතුරක් දරන මැදි වියේ පුද්ගලයෙක්. අපි ඔහුට විමලසිරි ලෙස හදුන්වමු... ඔහුගේ කාර්යාලයේ විවාහක තරුණියක සේවය කළ අතර ඇය රූමත් දඟකාර කෙනෙක් වුණා... ඇය නිතර විහිළුවෙන් විනෝදයෙන් කාලය ගත කළා...
‘‘බැඳලත් එකිගේ විසේ අඩු වෙලා නෑ " ඇය නොමැති තැන අනෙක් අය කතාන්දර කිව්වා...
මේ තරුණිය ගැන ඔහුගේ බිරිදට ආරංචි වුණේ ඔය අතරතුරේදි...කේලම කියලා තිබ්බේ කාර්යාලයේම හිතවතියක්... එම තරුණියද තමන් දරන තනතුර පවා නොසිතා විහිළු තහලු කරත් ඔහු ඒවා ගණනකට ගත්තේ නැහැ.. ඔහු ඒ විහිලු සාමාන්‍ය විදිහටයි ඔහු හිතුවේ...
මේ අතර සම්බන්ධයක් ඇති බව කාර්යාලයේ සේවිකාවන් තැන තැන කතා පතුරවා ඇති අතර ඔහුගේ බිරිඳටත් ඒ කතාව ආරංචි වුණාලු . ඔහුගෙන් ඇය මේ ගැන විමසලා... “ඒ ළමයා කාත් එක්කත් විහිළුවෙන් තමයි” ඉන්නේ කියලා ඔහු උත්තර දීලා...
කොහොම වුණත් සිය බිරිඳ ගැන දන්න ඔහු ඇය තමන් කියූ දෙය විශ්වාස නොකරන බව දන්නාවා වුණත් වැඩිදුර ඒ පිළිබඳව හිතලා නැත්තේ තමන් වරදක් හීනෙකින්වත් කරන්නේ නෑ කියලා දන්න හින්දා...
පසුගිය දිනක කාර්යාලයේ වැඩ ඉවර වෙලා විමලසිරි ගෙදර ඇවිත් , නාන කාමරය තුළ සිටින වෙලාවේ සිය බිරිය යක්ෂාරූඩයෙන් කෑගසන අයුරු ඇසී ඔහු ඇවිත් ඒ ගැන විමසන්න... සිය ජංගම දුරකථනය අතේ ඇතිව සිටි ඈ මුලින් එයින් පහර දී පසුව අතට හසුවන සියලුම උපකරණ වලින් පහර දීමට පටන් ගෙන ඇත්තේ ඇයගෙන් හේතු කාරණා ගැන දැන ගන්නට හෝ අවස්ථාව නොදෙමින්...
පහර දීම අවසානයේ ඇය සිය එකම දියණියත් සමග නිවසින් පිටව ගිහිල්ලා...
වේදනාව පැත්තකින් තැබූ ඔහු සිය ජංගම දුරකතනය පරීක්ෂා කර ඇත්තේ මෙහි අග මුල සොයා ගන්න අවශ්‍ය හින්දා.... සිය ජංගම දුරකතනයේ කලින් සඳහන් තරුණිය එවා ඇති වට්සැප් පණිවිඩය දැක ඔහුට කාරණය අවබෝධ වෙලා...
සර් මම ප්‍රෙග්නට් යනුවෙන් තමයි ඒ මැසේජ් එක එවලා තිබෙන්නේ... තවත් පණිවිඩයක් ඒ එක්කම එවලා
‘‘සර් දැන් බිසිද ? මැසේජ් බලන්නේ නැති නිසා ඇහුවේ” .
මේ මැසේජ් තමා එවලා තිබෙන්නේ... ඉන් එහා එකම මැසෙජ් එකක් වත් ඇය එවා නොමැති අතර ඇයට බැන වැදී සිද්ධිය කීමට ඇයගේ දුරකතනය වෙත ඇමතුම් ලබා ගත්තද එයද ක්‍රියා විරහිත කර ඇති බව දැනගත් ඔහු සිදුවූ තුවාල සඳහා ප්‍රතිකාර සඳහා ෆාමසියකට ගොස් ඇත්තේ නාන කාමරය තුළ ඇද වැටුණු බව පවසමින්...
තුවාලවලට වලට බෙහෙත් දාලා ආපහු පැමිණෙන අවස්ථාවේ නැවත ඇයට දුරකතන ඇමතුමක් ලබාගත්තලු..
” සර් මම ප්‍රෙග්නට් , හෙට පොඩි පරීක්ෂණ වගයකට මහත්මයා එක්ක යන්න තියෙනවා, මට නිවාඩුවක් ගන්න පුළුවන් ද? ඒකයි මැසේජ් එකක් දැම්මේ, ඉතුරු මැසෙජ් එක එවන කොට ෆෝන් එක ඕෆ් වුණා” කියලා ඇය කිව්වාලු
ඔයාට විතරක් නෙමෙයි මටත් සතියක් විතර නිවාඩු ගන්න වෙලා තියෙන්නේ , ඇයි ඔයා , ඔය මැසේජ් එක පාර එවුවේ නැත්තේ. ඒකට කමක් නැහැ හෙට ඇවිත් මගේ නෝනා හම්බ වෙලා ඔය ටික කියනවා” කියලා විමලසිරි කේන්තියෙන් කිව්වාලු.