පොලිසියේ සමහර වැඩ නවත්වා යුක්තිය මෙහෙයුම් වැඩි කරනවා - පොලිස්පති

 
පොලිස් කාර්යක්ෂමතාවය අඩු සහ ඵලදායිතාවය අඩු සමහර අංශ නවතා දමා එම නිලධාරීන් මෙම මෙහෙයුම් සඳහා යොදවගන්නා බවට පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබේ.

සිංහල අවුරුදු සමයෙන් පසුව දැනට ක්‍රියාත්මකවන යුක්තිය මෙහෙයුම දෙගුණ කිරීමට පියවර ගන්නා බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රථවාහන රාජකාරීවල නිරත පොලිස් නිලධාරීන් හමුවීමට අප්‍රියෙල් 14 වැනිදා පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත මෙම අදහස් පළ කළේය.

“පොලිසියේ කාර්යක්ෂමතාවය අඩු සහ ඵලදායිතාවය අඩු සමහර අංශ සමහර වැඩ නවත්තලා ඒ අංශවල යොදලා තියෙන නිලධාරින් හා සම්පත් සියල්ලම ඇඳලා අරගෙන ඉවර වෙලා මේ මත්ද්‍රව්‍ය හා පාතාලයට විරුද්දව දැවැන්තව ඒ ශක්තිය යොදවන්න මම ලෑස්ති වෙනවා අවුරුද්දෙන් පස්සේ.”

අලුත් අවුරුද්දෙන් පසුව පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්ධන මෙහෙයුම් තවදුරටත් තීව්‍ර කිරීමට බලාපොරොත්තු වන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටත් කියා සිටියේය. 


(චතුරංග මේදිස්)

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by