බැල්කනියේ සිට ගත් ඡායාරූප සමාජ මාධ්‍යයට යොමු කළ තරුණ යුවල... අසල තිබූ දෙයින් සියල්ල හෙළිවෙයි!

මල් පෝච්චිවල අතර ගංජා වගා කළ ඉන්දියාවේ බැංගලෝර් යුවළක් අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

ඔවුන් අත්අඩංගුවට පත්ව ඇත්තේ එම පැලවල පින්තූර ෆේස්බුක් හි පළ කිරීමෙන් පසුයි.

මෙම යුවල වූ සිකිම්හි උපන් කේ. සාගර් ගුරුන්ග් (37) සහ උර්මිලා කුමාරි (38) වන අතර ඔහුන් ක්ෂණික ආහාර නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යන බවයි පැවසෙන්නේ.

ඉන්දීය පොලිසියට මෙම යුවල අත්අඩංගුවට ගැනීමට පහසුවී ඇත්තේ,සමාජ මාධ්‍යයේ ඔවුන් විසින් පලකරනු ලැබූ ඡායාරූප නිසාවෙන් බව සදහන්.

මෙම යුවළ බැල්කනියේ අලංකාර පැල අතර ගංජා සිටුවා ඇති අතර උර්මිලා ගංජා ඇතුළු ශාක ප්‍රදර්ශනය කරන ඡායාරූප සහ වීඩියෝ ෆේස්බුක් හි පළ කර තිබෙනවා.

ඇයගේ අනුගාමිකයෙක් ගංජා පැල දැක පොලිසියට දැනුම් දී විමර්ශනයක් ආරම්භ කිරීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සදහන්.

පොලිසිය එම ස්ථානයට පැමිණි විට ඥාතියෙකු විසින් උර්මිලාට අවවාද කර ඉක්මනින් භාජනවල තිබූ පැල ඉවත් කර කුණු බක්කියකට විසි කර තිබේ.

කෙසේ වෙතත්, ගංජා පැල වල කොළ කිහිපයක් එම අවස්ථාවේ භාජනවල තිබී පොලිසිය විසින් සොයා ඇති අතර ඒ අනුව ඔහුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.