CT ස්කෑන් යන්ත්‍රයට රෝස මල් තබා සමුදුන්, මහනුවර රෝහලේ කාර්ය මණ්ඩලය...

ස්කෑන් යන්ත්‍රයකට සිදුකළ විරල සමුගැනීමක්  මහනුවර රෝහලෙන් වාර්තා වෙනවා.

මෙම සමුගැනීම ඔහුන් සිදුකර තිබුණේ පුරා වසර 18ක් ලක්ෂ සංඛ්‍යාත රෝගීන් පිරිසකගේ රෝග නිධාන සොයා දෙමින්, තවත් දහස් සංඛ්‍යාත වෛද්‍ය සිසුන්ට තම වෘත්ති දැනුම ලබා ගැනීමට මහෝපකාරී වූ CT ස්කෑන් යන්ත්‍රයටයි.

මෙම CT ස්කෑන් යන්ත්‍රය 2006දී මහනුවර රෝහලට ලැබුණු අතර එවකට එහි වටිනාකම රුපියල් මිලියන 8කට ආසන්නයි.

මෙම යන්ත්‍රය වසර ගණනාවක් සේවය සැපයීමෙන් පසුව ඉවත් කිරීමට කටයුතු සිදු කළ අතර ඊට කෘතගුණ සැලකීමට මෙලෙස මෙම යන්ත්‍රයට ගෞරවාන්විත සමුදීමක් සිදු කිරීමට තීරණය කර තිබුණා.

ඒ සඳහා මෙම යන්ත්‍රය ලැබුණු දා සිට එහි කටයුතු කළ දැනට විශ්‍රාම සුවයෙන් සිටින වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය හා මෙම යන්ත්‍රයේ කටයුතු කළ අනෙකුත් නිලධාරීන්ද සම්බන්ධ කරගත් බවයි මහනුවර ජාතික රෝහලේ විකිරණ විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය ගංගානාත් රුද්‍රිගු මහතා පවසන්නේ.

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by