අනේ දෙවියනේ..! මෙහෙම දෙයක් ගැන කවුද හිතුවේ..? සුරූපිනියකට අත්වුණු ඛේදනීය ඉරණමක්!

ඇය  ගැන මේ වෙද්දී ඉන්දීය මාධ්‍ය බොහොමයක් තොරතුරු වාර්තා කරනවා..

ඇත්තටම කියන්න බැරි තරම් ලස්සනක් තියන මේ නිලිය තමගේ ජීවිතයට මේ වගේ දෙයක් කරගනී කියලා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති.. 

ඉන්දීය කන්නඩ සිනමා සහ රූපවාහිනී නිළි ශෝභිතා ශිවන්නා ඇගේ මහල් නිවාසයේ මියගොස් සිටියදී සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..

පොලිසිය පවසන්නේ, ඇය ගචිබෝලි පොලිස් ස්ථාන බල ප්‍රදේශයට අයත් කොන්ඩාපූර් හි පිහිටි සිය නිවසේදී ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි..

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර, ඇයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාන්ධි රෝහල වෙත යවා ඇති බව පොලිසිය පවසනවා..

ඇයගේ ඛේදජනක මරණය පිටුපස ඇති නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, බලධාරීන් මේ වන විට විමර්ශන සිදු කරයි..
.
Eradondla Mooru, ATM: Attempt to Murder, Ondh Kathe Hella, Jackpot, සහ Vandana ඇතුළු ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම ශෝභිතා රංගනයෙන් දායක වී තිබෙනවා..

එමෙන්ම ඇය Gaalipata, Mangala Gowri, Kogile, Brahmagantu, Krishna Rukmini වැනි රූපවාහිනී කතාමාලාවල ද නිත්‍ය චරිතයක් වූ බවටයි මාධ්‍ය වාර්තා කරන්නේ..

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by