මා පියන් අහිමි දැරිය ගිනි පෙනෙල්ලකින් පුළුස්සා දෙතිස් වදය දීලා!

බගවන්තලාව පොලිස් වසමේ ලොයිනොන් වතුයායේදී සිදුවූ කෲර හිංසාවක් හේතුවෙන් වයස අවුරුදු හතරක දැරියක් බරපතළ තුවාල ලබා ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකකාරිය ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

පොලිස් විමර්ශනවලට අනුව, තුවාල ලැබූ දැරිය සහ ඇගේ වැඩිමහල් සොහොයුරිය මිත්තණිය මිය යෑමෙන් පසු අසල්වාසී කාන්තාවකගේ රැකවරණය යටතේ හැදී වැඩී ඇත. කෙසේ වෙතත්, මෙම කාන්තාව දැරියන් දෙදෙනාට වධ හිංසා පමුණුවා ඇති අතර, බාල දැරියව ගිනි පෙනෙල්ලකින් පිළිස්සීමට ලක් කර ඇත.

දරුවන් සිය විදේශගතව සිටින මවට මේ සිදුවීම පිළිබඳව දුරකථනයෙන් දැනුම්දී ඇති අතර පසුව ඇය විසින් බගවන්තලාව පොලිසියට පැමිණිලි කර ඇත. පොලිසිය විසින් දැරියන් දෙදෙනා රෝහල් ගත කර ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර, සැකකාර කාන්තාව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. දැරියන් දෙදෙනා මේ වන විට හැටන් ළමා නිවාසයේ රැකවරණය යටතේ සිටිති.

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by