WhatsApp ගිණුම්වලට හොරෙන් රිංගන එක වැඩිවෙලා – පරිස්සම් වෙන්නැයි උපදෙස්!

මූල්‍ය වංචා සඳහා WhatsApp ගිණුම් වෙත අනවසරයෙන් ප්‍රවේශ වීමේ වැඩි වීමක් වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය(CERT) පවසයි.

එම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල පැවසුවේ සයිබර් අපරාධකරුවන් බොහෝ විට WhatsApp ගිණුම්වලට රිංගා පරිශීලකයන් විසින් බෙදා ගන්නා සත්‍යාපන කේත ලබා ගැනීමෙන් එක් එක් ගිණුම් වෙත ප්‍රවේශය ලබා ගන්නා බවයි.

ඔවුන් ගිණුමක පාලනය ලබා ගත් පසු ගිණුමේ හිමිකරු ලෙස පෙනී සිටිමින්, හදිසි මූල්‍ය ආධාර ඉල්ලා පණිවිඩ එවන බව දමුණුපොල පැහැදිලි කළේය.

මෙම වංචනිකයන් ආගමික හෝ අධ්‍යාපනික කටයුතු වැනි සිදුවීම් හරහා සහ පරිශීලකයන් ත්‍යාග දිනාගෙන ඇති බවට ප්‍රකාශ කරමින් zoom රැස්වීම්වලට ආරාධනා කිරීමට පරිශීලකයන්ට පණිවිඩ යවයි.

මෙම වංචාකරුවන් විසින් ඉල්ලා සිටින කේත zoom රැස්වීම් සඳහා නොව WhatsApp ගිණුම් පාලනය කිරීමට බව දමුණුපොල වැඩිදුරටත් පැහැදිලි කළේය.

තෙවැනි පාර්ශවයන් සමඟ කිසිවිටෙක සත්‍යාපන කේත(OTP) බෙදා නොගන්නා ලෙස පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පරිශීලකයන්ට උපදෙස් දෙයි.

ගිණුමක් අවදානමට ලක්වුවහොත්, පරිශීලකයන් ඔවුන්ගේ ලැයිස්තුවල සිටින සිටින පිරිසට වහාම දැනුම් දිය යුතු අතර මිතුරන්ගෙන් හෝ පවුලේ අයගෙන් ලැබෙන හදිසි ඉල්ලීමකදී එය සනාථ කර ගැනීමකින් තොරව මුදල් යැවීමෙන් වැළකී සිටින ලෙස ද එම සංසදය උපදෙස් දෙයි.

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by